ඡන්දය ප්‍රකාශ කර ඡායාරූප ෆේස්බුක් දැම්මොත් වෙන දේ මෙන්න

Share

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යයක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News