රුපියල් තුන්කෝටි දහනම ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය අසුවක් වටිනා රන් භාණ්ඩ තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ශ්‍රී ලංකිකයින් 14 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි මොවුන් ඊයේ (31) දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිය ඇදුම් තුළ සඟවා මෙරටට රැගෙන ආ කිලෝග්‍රැම් 04යි ග්‍රැම් 700ක් පමණ බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 50ත් වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.




