මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

Share

ඇහැළියගොඩ තලාවිටිය ප්‍රදේශයේ සිදු වු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (31) දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් ගල්නෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ත් 27ත් වයස්වලවල පසුවන්නන් වෙයි.

මොවුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු කරුණු මත මොවුන් දෙදෙනා සමඟ එක්ව දෙපල සෝරකම් කිහිපයකට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා එල්ලාවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ත් 25ත් වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (01) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News