ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කළ හැකි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසයි

Share

ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කළ හැකි අපේක්ෂකයා වන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට අද (01) එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා කියා සිටියේ, අද දිනයේ මෙම ස්ථානයට රැස්ව ඇත්තේ සුදුවෑන් නවත්තපු අය බවයි.

එක්නැලිගොඩ වැනි පුද්ගලයින් අතුරුදන් කිරීම නැවතු අයත්, රටට නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙන ආ පිරිසත් මෙම ස්ථානයට රැස්ව ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අද වන විට වසර 5 කට පසුව නිදහස් සමාජයක් රට තුළ ඇති කර ඇතැයි පැවසු අගමැතිවරයා, ඒ සමාජය තුළ කිසිවෙකුට නීතියෙන් තොරව පොලීසියට ගෙන යා නොහැකියි තත්ත්වයක් උදාකර ඇතැයි ද කියා සිටියේය.

අද සුදුවෑන් වෙනුවට එන්නේ සුවසැරිය පමණක් බවත්, රටේ කිසිදු මාධ්‍යවේදියෙක් අද වන විට අතුරුදන් නොවන බවත් අගමැතිවරයා පැවසීය.

තමාට බැන ගෙදර යන මාධ්‍යවේදියා නැවත වතාවක් හෙට උදෑසනත් තමාට බැන බැන රැකියාවට යන බවත් පැවසු අගමැතිවරයා එවන් නිදහස් සමාජයක් ඉදිරියටත් ගෙන යා යුතු බව කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්බන්ධ සියලු දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන් බවත්, ඒ සියල්ල සිදු කරනු ලැබුවේ නීතියෙන් බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

මේ රටේ සමාජය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු දේ කරන බවත්, එම ජයග්‍රහණය ඉදිරියට ගෙන යන්නේ නැතිනම් විශාල අඳුරු යුගයකට රට ඇඳ වැටෙන බවත් අගමැතිවරයා මෙහිදී පැවසීය.

Read more

Local News