මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය පෙබරවාරි මස 25 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ අද (31) නියම කර ඇත.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුව පෙබරවාරි මස 25 වනදා විභාගයට ගන්නා බවයි.
ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30 කට අධිකරණයට අධික මුදලක් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.



