කංජිපානි යළි රිමාන්ඩ්

Share

විදේශයක සිට දුරකථනය මගින් පොලිස් නිලධාරීයෙකූට මරණීය තර්ජන එල්ල කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තා ලබන 15 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩි කර තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම නඩුව අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැවේය.

එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු නම් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවත් ඒ අනුව අදාළ වාර්තාව ලබාගැනීම සඳහා නිලධාරීයෙකු නම් කරන බව දැනුම්දී සිටියේය.

ඒ අනුව පොලීසිය විසින් නම් කරනු ලබන නිළධාරියාට රස පරීක්ෂක වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා නියම කළේය.

අනතුරුව නඩුව ලබන 15 වනදා දක්වා කල් දැමූ මහේස්ත්‍රාත්වරිය එතෙක් සැකකාර කංජිපානි ඉම්රාන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තම සඟයකු මුදාහරින ලෙස කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට දුරකථනය මගින් විදේශයක සිට මරණීය තර්ජන එල්ල කළ බවට සැකපිට කන්ජිපාන ඉම්රාන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News