පාසල් 665 කට ලැප්ටොප් පරිගණක

Share

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

ඒ අනුව, දිවයිනේ පළාත් නවයම නියෝජනය වන අයුරින් සෑම පළාතකින්ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරාගත් 6 -11 ශ්‍රේණි සහිත ද්විතීයික පාසල් 665ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගැනේ.

මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර, 2022 වර්ෂය වනවිට දිවයින පුරා පිහිටි 6-11 ‍ශ්‍රේණි සහිත සියලු ම පාසල් වෙත ලැප්ටොප් පරිගණක බෙදාහැරීමට කටයුතු යොදා තිබේ.

එක් එක් පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පදනම් වූ පොදු ක්‍රමවේදයක් යටතේ මෙම ලැප්ටොප් පරිගණක ලබාදීමට නියමිත ය.

ලැප්ටොප් පරිගණක ලබාදීමට අමතරව ඒවා භාවිතය සඳහා අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් (charging Facility) ඇතුළු යටිතල පහසුකම් ද, විදුලිය නොමැති පාසල් සඳහා විදුලිබල පහසුකම් ද ලබාදීමට පියවර ගැනේ.

Read more

Local News