තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ ඉහල කොටස් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ පදුර මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි අද පෙ.ව 11.00 ට පමණ බඹර ප්‍රහාරය එල්ල කර ඇත.
පසුගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ තේ වතු ආශ්‍රිතව ගස් වල සහ තේ පදුරු මත බඹරුන් විශාල වශයෙන් කුඩු බැද ඇති බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවන් පවසා සිටියේ.




