යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර වාණිජ ගුවන් සේවා නොවැම්බර් 10 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අනුබද්ධිත එලායන්ස් එයාර් විසින් නිශ්චිත කාලසටහනකට අනුව ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිතයි.
එම සමාගම දෛනික ගුවන් සේවාවක් මෙම ගුවන් තොටුපොළ දෙක අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.



