පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂාවට චීනයෙන් රොබෝ යන්ත්‍ර දෙකක් කටුනායකට

Share

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 2ක් අද දින සිට යොදාගනු ලබයි.

කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත්‍ දෙකක් සවි කර තිබේ.

රුපියල් කෝටි 16 ක් පමණ වටිනා මෙම හඳුනාගැනීමේ රොබෝ යන්ත්‍ර දෙක චීන මහජන සමූහාණ්ඩුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පරිත්‍යාග කර තිබුණි.

Read more

Local News