දියේ ගිලී අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

Share

මොහොට්ටිගොඩ, ගෝණපල පාරේ ඇති පාලමකින් වැටී දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර සොයා ගෙන ඇති බවට වාර්තා වෙයි.

මෙම පාලමෙන් වැටි දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මොහොට්ටිගොඩ, ගෝණපල පාරේ ඇගළුම් කර්මාන්තශාලව අසල ඇති පාලමෙන් පුද්ගලයෙකු වැටි දියේ ගිලී අතුරුදන් වී ඇති බව මොරගහහේන පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව බටහිර නාවික විධානය‍ට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කර ඇත.

ඒ අනුව එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, අදාල මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මොරගහහේන පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Read more

Local News