තැපැල් ඡන්දය සළකුණු කිරීම සාමකාමීයි

Share

ජනාධිපතිවරණයට අදාළව ඊයේ (31දා) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80ක් තරම් ඉහළ අගයක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

තැපැල් තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (01) දිනයේත් සිද කෙරේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ දිනයෙන් ආරම්භ විය.

සමස්තයක් ලෙස සාමකාමීව ඊයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු සිදුවූ බවද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

අද දිනයට අමතරව එළැඹෙන 4, 5 හා 7 දා දිනවලදීත් තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබේ.

Read more

Local News