ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 100 දෙනෙක් අල්ලයි

Share

දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුළ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රියේ දෙහිවල පොලීසියට ලද තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු අයත් වෙයි.

ඔවුන් අවුරුදු 18ත් 48ත් අතර වයස්වල පසුවන්නන් වන අතර අම්බලන්ගොඩ, කළුතර, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 04ක් මත්පැන් මිලිලිටර් තිස් අටදහස් පන්සීයක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News