ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දිය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විදානය මඟින් ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයේ දී මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ටෝලර් යාත්‍රා දෙකකින් පැමිණ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වෛද්‍ය පරික්ෂණයකට භාජනය කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් දස දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට නියමිතයි.

Read more

Local News