ලොරි-ත්‍රීරෝද රථ අනතුරකින් කාන්තාවන් 2ක් මරුට

Share

ගාල්ල – අකුරැස්ස මාර්ගයේ ඉමදූව අගුළුගහ මංසන්දියේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි සහ 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් බව පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉමදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News