මැඩගස්කරයේ දී මෝටර් රථයක් ගඟකට වැටී ලාංකිකයින් තිදෙනෙක් මරුට

Share

මැඩගස්කරයේ දී මෝටර් රථයක් ගඟකට වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගොස් ඇත.

මැඩගස්කරයේ ඇන්ටනනාරියෝ නගරයේ පටු මාර්ගයක දී මෙම අනතුර නොවැම්බර් පළමු දින රාත්‍රී 9ත් 10ත් අතර කාලයේ සිදුව ඇති බව සඳහන් වෙයි.

මෝටර් රථයේ ගමන් කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එම මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර් බලධාරින් තහවුරු කර ඇති බවයි සීෂෙල්ස් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

Read more

Local News