සිය පාලනයක් යටතේ අන්තවාදි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (02) පස්වරුවේ කිරිඳිවැල නගරයේ දී පැවැත්වුණු අතර එම ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදි අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේ යුද්ධය අවසන් කළ පසුව එය නැවත ඇති නොවීමට ආරක්ෂක වැඩිපිලිවෙලක් ඇති කළ බවත්, එම නිසා එම සමය තුල කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති නොවු බවයි.
වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළ බවත් විදේශීය බලපෑම් වලට යටත් වෙමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.




