ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 41ක් අත්අඩංගුවට

Share

ජනාධිපතිවරණයට අදාළව ඉදිරිපත්වූ පැමිණිලි සහ වාර්තාවූ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයට එරෙහිව දිවයිනේ සමස්ථ පොලිස් ස්ථානවලට වාර්තා වු පැමිණිලි සංඛ්‍යාව 36ක් බවත්, ඊට අමතරව සමස්ථ නීති උල්ලංගනය කිරීම 56ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී ඊයේ (02) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News