ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2600 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව පසුගිය මස 08 වනදා සිට ඊයේ (03) දිනය දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2553ක් ඇතුළු පැමිණිලි 2672ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරන මධ්‍යස්ථානයට නීති රීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 811ක් සහ දිස්ත්‍රික් පැමිණි කළමණාකරන මධ්‍යස්ථානයට පැමිණිල 1742ක් ලැබී ඇත.
අදාළ මධ්‍යස්ථාන දෙකට ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 24ක් ලැබී ඇති බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය.




