මත්ද්‍රව්‍ය කිලෝ 200ක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 200 කට අධික වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ගාල්ලට නුදුරු මුහුදු තීරයේ සිදු කල විශේෂ මෙහෙයුමක් අතරතුර සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇත.

එහිදී එම ධීවර යාත්‍රාව තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය ‍සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.

ඒ අනුව, අදාල ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකීක පුද්ගලයින් 05 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ‍ගෙන ඇත.

නාවික හමුදාව සොයා ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය ‍මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කරන අතර, අත්අඩංගුවට ගත් යාත්‍රාව, පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීම‍ට නියමිතය.

මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම්වලදි හෙරෝයින් කිලෝග්‍රෑම් 739 ක් පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

Read more

Local News