යාපනය, වෛද්‍ය පීඨයේ සිසුවෙකු ගෙලවැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වෙයි.
පොලිසිය පැවසුවේ අදාළ සිසුවා රැදී සිටි නේවාසිගාකාර කාමර තුළින් දුගඳ හැමීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී සිසුවා සියදිවි හානිකරගෙන ඇති බව නිරීක්ෂණය වි ඇති බවයි.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිව්වන වසර අධ්‍යාපනය ලද මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි නියුමන් නමැති වයස අවුරුදු 26 ක සිසුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත ඇතුළත් කොට ඇත.



