T 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන සජීවි ජීව උණ්ඩ සහ තවත් ජීව උණ්ඩ ඇතුළු ආයුධ හා උපකරණ සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුඬළුඔය පොලිස් වසමට අයත් කරගහහැටතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවකු වු සැකකරු වසර හයකට පමණ පෙර යුද හමුදා සේවයෙන් ඉවත්වු පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
පොලිස් රහස් තොරතුරු අංශයට ලද තොරතුරකට අනුව ඊයේ (03) රාත්‍රීයේ පුඬළුඔය පොලිස් නිලධාරින් පිරිසක් විසින් සැකකරුගේ නිවස වටලමින් කළ පරික්ෂාවකදි මෙම උණ්ඩ සහ ගිනි අවි සොයාගෙන ඇත.
ඒ අතර T 56 ජීව උණ්ඩ 31 ක්, මිලි මීටර් 2.2 වර්ගයේ පිස්තොලයක භාවිතා කරණ ලද හිස් කොපු 6ක්, 2.7 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණුඩ 2ක්, M.P.M.G වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණ්ඩ 2ක්, මෙරටදී කිසියම් පුද්ගලයෙක් විසින් නිෂ්පාදනය කරන දල ගිනි අවියක්, සන්නිවේදන උපකරණයක්, උල් පිහියක් සහ වෙඩි තැබීමෙදි ඉලක්කය පුහුණුව සඳහා භාවිතා කරන මිනිස් අනුරුවක් තිබි ඇති අතර එම ආයුද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අද (04) එල්බොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පුඬළුඔය පොලීසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ක්‍රියාත්මක කර තිබේ.



