අම්බලන්තොට නගරයේ රෙදිපිළි වෙළඳසැලක ඊයේ (03) රාත්‍රී ඇතිවූ ගින්නකින් එම රෙදිපිළි වෙළඳසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
ගින්න ඇතිවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සහ කල අතර ඒ අතරතුර පැමිණි හම්බන්තොට වරායේ ගිනි නිවන රථයෙන් හා තංගල්ල ගිනිනිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ දෙකකින් පැමිණි නිලධාරීන් විසින් ගින්න සම්පුර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇත.
කෙසේ නමුත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.



