නයගරා දිය ඇල්ලෙන් වසර 101 කට පසුව මතුවු විශාල නෞකාව

Share

වසර 101 ක් පුරා නයගරා දිය ඇල්ල මුදුනේ ගල්පර අතර සිරවී තිබූ දිරාගිය විශාල යාත්‍රාවක් දිය ඇල්ල ආසන්නයට ගසා ගෙන පැමිණ තිබේ.

1918 වසරේ සිට අදාළ නෞකාව නයගරා දිය ඇල්ල මුදුනේ ගල්පර අතර සිරවී තිබී ඇත.

දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශවලට බලපා ඇති ප්‍රබල වර්ෂාපතනය හා දැඩි සුලං ප්‍රවාහනයන් හේතුවෙන් ජල පහර වේගවත් වීම නිසා යාත්‍රාව ගල්පරවලින් මිදී මෙලෙස ගසාගෙනවිත් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එය කැනඩා දේශසීමාවෙන් නයගරා දිය ඇල්ල ඇද වැටෙන ප්‍රදේශයට ආසන්නව සිරවී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News