මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකි වීම රටේ ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා පවසයි.
මෙම ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු කිරීමට හැකි වූයේ පසුගිය කාලයේ දී රජය විසින් සිදුකළ පුළුල් දේශපාලන ප්‍රතිසංශෝධන නිසා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට අලූතින්පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක්වෙමින් ජනපති මෙම අදහස් පළ කළේය.
ලෙබනන් ජනරජය, නයිජීරියාව සහ යුරෝපීය සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.
ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වෙයි.
01- Mr. RableNarsh – Ambassador of the Republic of Lebanon
02- Maj.Gen. ChrisEze – High Commissioner of the Federal Republic of Nigeria
03- Mr. Denis Chalbi – Ambassador of the European Union




