ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට කටයුතු කළේ පක්ෂය ගොඩනැගීමට වඩා වැදගත් රට ගොඩනැගීම නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
අම්බලන්තොට පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
එහිදි අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ ඡන්ද දායකයින්ගෙන් සියයට 81ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කරනු ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි ඡන්ද ප්‍රශතයට නොවරදවාම ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබේන බවත් ඒ සඳහා කරදර විය යුතු නොමැති බවත් මන්ත්‍රීවයා පවසයි.




