මාලිගාවත්තේ දී හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මාලිගාවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් සන්ත‍කයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

මෙම වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 107 යි මිලිග්‍රෑම් 850 ක් සන්ත‍කයේ තබා ගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් වු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (05) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News