ගංජා තොගයක් සමඟ කතක් අත්අඩංගුවට

Share

පුත්තලම – පාලාවිය ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 100 ක් සමඟ කාන්තාවක් පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි.

සැකකාරියගේ නිවසේ ගංජා තොගයක් සඟවා ගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

සැකකාරිය සහ ගංජා තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News