තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ හයක් නාවික හමුදා බාරයට

Share

ඊයේ (04) දින කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් හයදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත‍.

තවද, ඔවුන් සමඟ ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, නීති විරෝධී ලෙස ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1000 ක්, තහනම් දැලක් සහ ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වියෙහි පසුවන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල, අනෙකුත් ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News