පුත්තලම දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර අබේසේකර මහතාට එරෙහිව ඇති නඩුව මෙම මස 15 වැනිදා දක්වා කල් තැබීමට අද (05) හලාවත මහාධිකරණයේ රෙජිස්ටාර්වරයා කටයුතු කරන ලදි.
හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්රනාන්දු මෙනවිය අසනීප නිවාඩු ලබා ඇති බැවින් අද දිනට නියමිත නඩු කැඳවීම අධිකරණ රෙජිස්ටාර්වරයා විසින් සිදු කරන ලදි.
ඒ අනුව ශාන්ත සිසිර අබේසේකර මන්ත්රීවරයා ලබන 15 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා නීති විරෝධී ගිනි අවියක් අතැතිව අයුතු ජන රාශියක්ව සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරයා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් හලාවත මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.



