බැසිල්ට එරෙහි නඩුව ලබන ජනවාරි මස කැඳවයි

Share

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරයා නියම කළේ මෙම නඩුව ජනවාරි මස 20 වනදා විභාගය සඳහා කැඳවන ලෙසයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නම් කර තිබෙන අතර ඔවුන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී .අයි. පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News