MCC ගිවිසුම පරාජය කළයුතු බව රතන හිමි කියයි

Share

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනිවාර්යෙන් පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසයි.

කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කළ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් අද (05) පෙරවරුවේ මේ බව සඳහන් කළේය.

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ මෙවැනි ගිවිසුමක් මේ මොහොතේ අත්සන් කිරීමට ආණ්ඩුවට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනු ලැබුවහොත් රට විශාල අනතුරකට පත් වන බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් වැඩිදුරටත් පැවසීය.

Read more

Local News