බෙංගාල බොක්ක ආසන්නයේ අඩු පීඩන තත්ත්වයක්

Share

උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයේ හා යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉදිරි පැය 6 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරන බවද කාලගුණ අංශ පවසයි.

මෙම පද්ධතිය නැගෙනහිර-මධ්‍ය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නව ඊළඟ පැය 48 තුළ දී තවදුරටත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල නිරතවන්නන්ට මේ ගැන අවධානයෙන් පසුවෙන ලෙසත් කාලගුණ අංශ නිවේදනය කරයි.

Read more

Local News