ගම්පහ – හේනේගම විදුහල ජාතික පාසලක් බවට පත්කරයි

Share

ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුබිමක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ සිදු විය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයෙන් බිහි වූ 11 වන මධ්‍ය විද්‍යාලය වන හේනේගම මධ්‍ය විද්‍යාලය 1944 මාර්තු මස 12 වන දින ආරම්භ කෙරිණි.

හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප‍්‍රකාශයට පත් කිරීමේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති අතින් සිදු විය.

Read more

Local News