ප්‍රංශයට යන්න ගිය හයක් හලාවත දී අත්අඩංගුවට

Share

හලාවත, වැල්ල මෝයකට ආසන්නයේ දී නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා නිලධාරින් සහ හලාවත පොලිස් ස්ථානයේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇත.

එහිදී සැකකරුවන් පැමිණි කැබ් රථය, ප්‍රංශය බලා පිටත්වයාමට සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටු 02ක් සහ ටොලර් යාත්‍රාවක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බත්තුළුඔය, උඩප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 32ත් අතර වයස්වල පසුවන්නන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර හලාවත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News