ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) රාති‍්‍රයේ රැස් වූ අතර එහිදී කොළඹ සමුළුවට පැමිණි සියලු සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එම සංවිධායකවරු ඉවත් කර නව වැඩ බලන සංවිධායකවරු පත් කර මැතිවරණ කටයුතු ඉදිරියට කරගෙන යන බවයි.



