නීති විරෝධී ගිනි අවියක් සහ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ කාට්රේජයක් සහ ගංජා පැල කිහිපයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්ෂණය කර ඇති අතර, එම පුද්ගලයා පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු ළඟ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ කාට්රේජයක් සොයාගෙන ඇත.

තවද, ඔහු පිළිබඳව වැඩිදුරටත් පරික්‍ෂා කිරිමේදී සැකකරු විසින් රහසිගත ස්ථානයක පැලකර තිබු ගංජා පැල කිහිපයක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 53 ක් වන හම්බන්තොට ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අදාල සැකකරු, බෝර 12 වර්ගයේ ගිනි අවිය, බෝර 12 වර්ගයේ කාට්රේජය සහ ගංජා පැල ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Read more

Local News