කොල්ලුපිටියේ දී නීති විරෝධී සිගරට් සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට

Share

කොල්ලුපිටිය පොලිස් වසමේ ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේ දී නීති විරෝධී දුම්වැටි සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් 7200 ක් සමඟ වයස අවුරුදු 37 ක් වු චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (06) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News