වව්නියාව ප්‍රදේශවාසීන් විදුලිය ඉල්ලා විරෝධතාවයක

Share

යාපනය-නුවර ප්‍රධාන මාර්ගය හා යාපනය කොළඹ දුම්රිය මාර්ගයද වසා දමමින් වව්නියාව ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වී ඇත.

වව්නියාව, විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් වව්නියාව දිස්ත්‍රික්ක‍යේ ගම්මාන 50 කට වැඩි ප්‍රමාණයක විදුලි බලය කපා දැමීමට විරුද්ධව වව්නියාව ප්‍රදේශවාසීන් මෙම විරෝධතාවයේ නිරත වෙයි.

වව්නියාව විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට වව්නියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ දී  කිසියම් පිරිසක් පහරදීමට විරුද්ධත්වය පල කරමින් වව්නියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් අදාළ ප්‍රදේශයේ ගම්මානවල විදුලි බලය කපා දමා ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ.

වව්නියාව, ආච්චිපුරම්, 10 වන පටුමඟ ප්‍රදේශයේ නිවසක විදුලි බිල නොගෙවීම හේතුවෙන් අදාළ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් කණ්ඩායමක් වව්නියාව විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරයෙකු ඇතුළු සේවකයින් පිරිසකට පහර දී ඇත.

අදාළ පහරදීමෙන් විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරි‍වරයෙකු ඇතුළු සේවකයින් පස් දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කොට තිබිණ.

සිය සේවකයින්ට සිදු කළ පහරදීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් වව්නියාව විදුලිබල මණ්ඩල සේවකයින් විසින් අදාළ ප්‍රදේශයේ ගම්මානවල විදුලි බලය ඊයේ (05) දිනය පුරා විසන්ධි කොට ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ.

Read more

Local News