හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය සෑම අවස්ථාවකදීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතුරුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.
අද (06) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
සිය මැණියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ අවස්ථාවේදි, තම සැමියා වන විජය කුමාරතුංග, පක්ෂයේ මහ ලේකම් රත්නසිරි වික්‍රමනායක, පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ටි.බි.ඉලංගරත්න යන මහත්වරුන් සමඟ පක්ෂයෙන් ඉවත් වී ශ්‍රි ලංකා මහජන පක්ෂය නිර්මාණය කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.



