අතුරුදන් වු පුද්ගලයෙකුගේ මළ සිරුර වලදමා තිබියදී සොයාගැනේ

Share

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් කුලියාපිටිය, මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබියදී සොයාගෙන ඇත.

පසුගිය 4 වනදා සිට ඔහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ මව විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම පුද්ගලයාගේ යතුරු පැදිය ඔහුට අයත් පොල් ඉඩමක් ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී එම ඉඩමේ වල දමා තිබූ මළ සිරුර කුලියාපිටිය පොලීසිය විසින් සොයාගෙන ඇත.

මළ සිරුර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) සිදු කිරීමට නියමිතයි.

Read more

Local News