ගෝඨාභයගෙන් ආබාධිත පුද්ගලයින්ට සහතිකයක්

Share

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සකස් කර ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ඇති සියලුම නීති තමාගේ රජයක් තුළ ක්‍රියාවට නංවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (06) පෙරවරුවේ ශ්‍රි ලංකා සහකම්පන සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සකස් කර ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ඇති සියලුම නීති තමාගේ රජයක් තුළ ක්‍රියාවට නැංවීමට තමන් සහතික වන බවත් ආබාධිත පුද්ගලයින් දෙස අනුකම්පාවෙන් බැලීමට නොව සම අයිතිවාසිකම් ලබා දීමට මෙම පියවර ගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News