ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2983 දක්වා ඉහළට

Share

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2983 දක්වා ඉහළ ගොස් තිබේ.

නාමයෝජනා ලබාදුන් දින සිට ඊයේ දිනය දක්වා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබද පැමිණිලි 25 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2861 ක් එම කාලය තුළ වාර්තා වී ඇත.

ඊයේ පස්වරු 04 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 116 ක් වන අතර නීති උල්ලංඝණය කිරීම් පිළිබද පැමිණිලි 113 ක් සහ එක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් ඒ අතර වෙයි.

Read more

Local News