බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එය මේ වන විට උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 89.3 ආසන්නයේ පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එය ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කිරීමට අවස්ථාව ඇත.
ධීවර හා නාවික ප්‍රජාව මේ පිලිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



