මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් බන්ධනාගාරයට ඇතුල්වන පුද්ගලයින් පරික්ෂා කරමින් සිටියදී බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක්, ගංජා ග්‍රෑම් 14ක් සහ මත්පෙති ග්‍රෑම් 27ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා අද (07) අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



