ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න අදත් අවස්ථාව

Share

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිව වූ සියලු රජයේ සේවකයින්ට අද (07) දිනයේත් ඒ සඳහා අවස්ථාව ලබා දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ සෑම රාජ්‍ය සේවකයෙකුටම තම සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිතා කිරිමට පහසුකම් සලසා ඇති බවයි.

අද පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දි ඇත.

මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් හය ලක්ෂ 59,317 දෙනෙකු සුදුසුකම් ලබා සිටියේය.

Read more

Local News