හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය එක්ව ඊයේ (06) දින මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 2432 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය එක්ව මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී හක්බෙල්ලන් තොගයක් නිවසක සගවා තිබියදී පුද්ගලයෙකු සමඟ නාවික හමුදා බාරයට ගෙන ඇතත

නාවික බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News