ආයුධයකින් පහරදී අඹුසැමි යුවලක් ඝාතනය කරයි

Share

ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රී 10.15ට පමණ තියුණු ආයුධයකින් පහරදී අඹුසැමි යුවලක් ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු සහ 73 හැවිරිදි ඔහුගේ බිරිඳ බව පොලිසිය පවසයි.

ඝාතනය සිදු කළ සැකකරු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ගණේමුල්ල පොලීසිය සිදු කරයි.

Read more

Local News