ලක්ෂ විසිපහක ගංජා හේනක් සමඟ සැකකරුවක් අත්අඩංගුවට

Share

හම්බේගමුව පොලිස් බල ප්‍රදේශයේ බලහරුව ප්‍රදේශයේ දී ලක්ෂ විසිපහකට වඩා වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලා සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

හම්බෙගමුව පොලිසිය ඊයේ (06) පස්වරුවේ දී සිදු කල විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම ගංජා හෙනේ ගංජා ගස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් සියලුම ගංජා පැල ගිනි තබා විනාශ කර ඇත.

සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News