නීති විරෝධිව ප්‍රංශයට යන්න ගිය 6 දෙනා රිමාන්ඩ්

Share

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට සිටියදී හලාවත පොලිස් අත්අඩංගුවට පත්වූ හයදෙනා මේ මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

හලාවත මහේස්ත්‍රාත් හා දිසා අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

ඊයේ (06) අළුයම මෙහි පළමු වැටලීම සිදුකල අතර එහිදී හලාවත මෝයකට ආසන්නයේදී පුද්ගලයන් 06 දෙනෙකු හා ඉන් අනතුරුව හලාවතට නුදුරු මුහුදේදී  සිදුකල වැටලීමේදී තවත් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

එලෙස පසුව අත්අඩංගුවට පත් පුද්ගලයන් පස් දෙනා අද (07) හලාවත අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙහිදී  සැකකරුවන් පැමිණි කැබ් රථය, ප්‍රංශය බලා පිටත්ව යාමට සූදානම් කර තිබූ  ටොලර් යාත්‍රාවක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

Read more

Local News